සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව දුගී බවෙන් තොර සවිබල ගැන්වූ ශ්‍රී ලංකාවක් බිහි කිරීම සදහා විශාල මෙහෙයක් ඉටු කරන ලබයි. මෙහිදී භෞතික සංවර්ධනය උදෙසා විශාල මුදලක් වැය කර ඇති අතර අපේක්ෂිත ඉලක්ක කරා ලඟා වීමට නම් මානව සංවර්ධනයද  ඉතා වැදගත් වේ.  එනිසා සමෘද්ධි ප්‍රතිලාභි පවුල්වලින් සැදුම්ලත් සමෘද්ධි සමිති හා සමෘද්ධි කුඩා කණ්ඩායම්හි  නායකයින් තුළ සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය පිළිබඳ දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කිරීමට යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුහුණු වැඩමුළු 08 ක් සංවිධානය කිරීමට සැළසුම් කර ඇත.