ආයතනයේ පර්යේෂණ අංශය විසින් මෙවර සිද්ධි අධ්‍යයන හෙවත් ප්‍රත්‍යෙක අධ්‍යයන 25 ක් සිදු කිරීමට සැළසුම් කර ඇත. මෙම ප්‍රත්‍යෙක අධ්‍යනයන්ද සමෟද්ධි නිෂ්පාදන ගම්මාන හා සෞභාග්‍යා පොකුරු ගම්මානයන්හි විවිධ අංශ නියෝජනය වන පරිදි සිදුවීම් 25  ක් ඇසුරින් සිදුකිරීමට නියමිතය. මෙම අධ්‍යයනයන් මගින් නිෂ්පාදන ගම්මාන හා සෞභාග්‍යා පොකුරු ගම්මාන වැඩසටහනින් ජනතාවගේ අභිමතාර්ථ සාධනීය ලෙස ඉටුවී තිබේදැයි සමාජ විද්‍යාත්මක විමසා බැලීමක් සිදුවේ. වැඩසටහනින් ප්‍රජාවගේ සමාජ ආර්ථික තත්වයට සිදු වු  බලපෑම මෙන්ම සමස්ථ ව්‍යාපෘතිය පිළිබද අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාව උදාවන අතර සංවර්ධන ක්‍රියාවලියේ අරමුණු ඉලක්ක හා ක්‍රියාදාම සදහා ඉතා හොද මග පෙන්වීමක්ද සිදුවේ. මෙහිදී වර්ෂ අවසානයේ පර්යේෂණ වාර්තා 25 ක් නිකුත් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.