ජාතික සංවර්ධන කාර්යභාරයේදි මුලිකත්වය ලබාගෙන කටයුතු කරන රාජ්‍ය හා රජ්‍ය නොවන අංශයේ නිලධාරින්ගේ දැනුම කුසලතා හා ආකල්ප සංවර්ධනය කිරිම අරමුණු කර පුහුණු අංශය ක්‍රියාත්මකවේ. ප්‍රජාව සමඟ කටුයුතු කරන මෙම නිලධාරින්ට අවශ්‍ය පුහුණුව ලබාදිමත්, එමගින් ඔවුන් නිර්මාණශිලි සංවර්ධන වැඩකරුවන් බවට පත් කිරිමට අවස්ථා ලබාදිමත් මේ තුළින් බලාපොරොත්තුවේ. ඒ අනුව ඔවුන්ට විෂය වන පුහුණු වැඩසටහන් ගණනාවක්ම පුහුණු අංශය මඟින් ක්‍රියාවට නංවනු ලබයි. වසර ගණනාවක න්‍යායික හා ප්‍රායෝගික අත්දැකිම් සහිත පුහුණු සම්පත්දායක මණ්ඩලයක් මෙහි පුහුණු කටයුතු මෙහෙයවනු ලබයි. අප ආයතනය මගින් පවත්වනු ලබන වාර්ෂික පුහුණු වැඩසටහන් වලට අදාලව අප වෙත ලැබෙන ඉල්ලුම්පත් අනුව පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලබන අතර සංවර්ධන ක්ෂේත්‍රයේ නියුතු රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශයේ නිලධාරින් හා ප්‍රජා ක්‍රියාකාරින්හට මේ සඳහා අයදුම් කළ හැක.

training1 training2

2020 ක්‍රියාත්මක පුහුණු වැඩසටහන්

පුහුණු වැඩසටහන අරමුණ
අඩු ආදායම්ලාභි පවුල් සවිබල ගැන්විම සඳහා සංවර්ධන මැදිහත්කරුවන් ලෙස ක්ෂේත්‍ර නිලධාරින් පුහුණු කිරිම දිළිඳුකම පිටුදැකීම හා සමාජ සවිබලගැන්වීම ඉලක්ක වූ සංවර්ධන ක්‍රියාදාමයන්වල ප්‍රජා සහභාගිත්වය උපරිම කිරීම සඳහා එකී වැඩසටහන් සමග සම්බන්ධව කටයුතු කරන ක්ෂේත්‍ර නිලධාරීන්ගේ දැනුම ඉහළ නැංවීම. ඒ යටතේ  සමාජ සජීවිකරණය, ප්‍රජා මුල සංවිධාන කළමනාකරණය, සහභාගිත්ව නායකත්ව කුසලතා සංවර්ධනය, ගෘහ කළමනාකරණය හා පවුල් සංවර්ධනය, චක්‍රිය අරමුදල් භාවිතය, සමාජ සජීවිකරණය තුළින් ව්‍යවසායකත්ව සංවර්ධනය, ප්‍රජා සහභාගිත්ව ව්‍යාපෘති සැළසුම්කරණය හා කළමනාකරණය හා ක්ෂුද්‍ර මුල්‍ය කළමනාකරණය යන ප්‍රධාන අංශවලට අදාළ පුහුණු ධාරිතා සංවර්ධනය මෙයට ඇතුලත් වේ.
ගොවි පවුල් සවිබල ගැන්විමේ පුහුණු හා පර්යේෂණ මැදිහත්විම අරණායක ගොවිජන සේවා බල ප්‍රදේශයේ ගොවි සංවිධාන 10 ක් ශක්තිමත් කිරිම තුලින් ගොවින්ගේ නිෂ්පාදනයන් වර්ධනය කර අලෙවිකරණ ක්‍රියාවලියක් ජාලගත කිරිම
සමෘද්ධි ප්‍රතිලාභින්, පවුල් සංවර්ධන සැලසුම් පිළිබද දැනුවත් කිරිමේ පුහුණු වැඩසටහන යටිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල සිටින සමෘද්ධි ප්‍රතිලාභි පවුල්වලින් සැදුම්ලත් සමෘද්ධි සමිති, සමෘද්ධි කුඩා කණ්ඩායම්, නායකයින් තුල පවුල් සංවර්ධන සැලසුම් පිළිබද දැනුම ආකල්ප, කුසලතා වර්ධනය කිරිම තුළින් සමෘද්ධී ප්‍රතිලාභි පවුල්වල ජිවන තත්ත්වය ඉහල නැංවිමේ ක්‍රියාවලියට හවුල්කර ගැනිම
ආර්ථික සංවර්ධනය සදහා ක්ෂුද්‍ර මුල්‍ය උපාය මාර්ග භාවිතය
  • සංවර්ධන උපාය මාර්ගයක් ලෙස ක්ෂුද්‍ර මුල්‍යයනයට අදාල දැක්ම, මුලධර්ම හා ප්‍රධාන සංකල්ප පිළිබද පුළුල් අවබෝධයක් ලබාදිම
  • ක්ෂුද්‍ර මුල්‍ය මෙහෙයුම් ක්‍රියාවලිය පිලිබද අවබෝධය ලබාදිම
  • ක්ෂුද්‍ර මුල්‍ය කර්මාන්තයට අදාළ කාලින ජාතික හා ජාත්‍යන්තර භාවිතයන් හා අභියෝග පිළිබද දැනුවත් භාවයක් ඇතිකිරිම