ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයට විවිධ කාලවකවානුවල  පුහුණු පර්යේෂණ කාර්යයන් සදහා නිලධාරින් බඳවාගැනිම හා අන්තර්ග්‍රහනය කිරීම සිදුකර ඇත. ඔවුන්ගේ සේවා කාලය මෙන්ම විෂය ප්‍රවීණත්වය මත පදනම්ව කාර්යසාධනයද අඩුවැඩි මට්ටමක පවති. එහෙයින් පුහුණු ක්‍රමවේදය, පර්යේෂණ ක්‍රමවේදය, උපදේශනය, රසවින්ඳනය සහ ආකල්ප සංවර්ධනය තුළින් අභියෝග ජය ගැනීම යන විෂය ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පුහුණු වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. මෙහිදී පුද්ගල අවශ්‍යතාව (Personal Need), ආයතනික අවශ්‍යතා (Institutional Need) හා කාර්ය අවශ්‍යතාව (Job need) මූලික කරගනිමින් අවශ්‍යතා තක්සේරුව (Need Assessment) කර ඊට ගැලපෙන පරිදි විෂයමාලා සංවර්ධනයෙන් පසු වඩා සුදුසු සම්පත්දායකයින් මගින් පුහුණු වැඩසටහන් පැවැත්වීමට 2021 වසරේ සූදානම් කර ඇත. මෙම පුහුණු වැඩසටහන් තුළින්

  • කාර්යබද්ධ පර්යේෂණ, සමාජ පර්යේෂණ, සමීක්ෂණ හා සිද්ධි අධ්‍යයන පිළිබඳව ගෝලීය වශයෙන් සංවර්ධනය කරන ලද විධික්‍රම පිළිබඳව,
  • දිළිදු ප්‍රජාව සවිබලගැන්වීම සඳහා සහභාගිත්ව පුහුණු ක්‍රමවේදය හා ගැලපිය හැකි දියුණු කරන ලද පුහුණු ක්‍රමශිල්ප හා ක්‍රමවේද පිළිබඳව,
  • උපදේශනය, රසවින්ඳනය, මානසික ඒකාග්‍රතාව හා ආකල්ප සංවර්ධනය තුළින් අභියෝග ජය ගැනීම පිළිබඳව,

දැනුම, කුසලතාව හා ආකල්ප සංවර්ධනය කිරීමට අදාල කටයුතු සිදු කරමින් පවතී.