අඩු ආදයම්ලාභී සමෘද්ධි ප්‍රතිලාභී පවුල් සමාජ ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ අරමුණින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේනතුව විසින් ආරම්භකර ක්‍රියාත්මක කරගෙන යනු ලබන සමෘද්ධි නිෂ්පාදන ගම්මාන හා සෞභාග්‍යා නිෂ්පාදන පොකුරු ගම්මාන වැඩ සටහන් යටතේ ගම්මාන 200 ක ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් සමග සමගාමීව යමින් අප ආයතනය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහන තුළ මුල් අධියරේදී ගම්මාන 25 කට සම්බන්ධව සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය තුළින්  ප්‍රජාව හා එක්ව සිදුකිරීමට අපේක්ෂිත වැඩසටහන් තත්ව අධ්‍යනයෙන් හදුනා ගැනේ.  පසුව එම ප්‍රතිලාභි පවුල් සමග සිදුකරණු ලබන විමර්ශණ ක්‍රියාවලියක් ඔස්සේ ව්‍යවසායක විභවතායන් සහිත සමාජිකයන් හඳුනා ගැනීමට හා ඔවුන් ව්‍යවසායකයන් වශයෙන් ගොඩනැංවීමට අපේක්ෂා කෙරේ. මෙහිදී  සමෘද්ධි නිෂ්පාදන ගම්මාන හා සෞභාග්‍යා නිෂ්පාදන පොකුරු ගම්මාන වල අඩු ආදාම්ලාභි ප්‍රජාව තුළින් හඳුනා ගන්නා ලද ව්‍යවසායකත්ව විභවතාවයන් සහිත පුද්ගලයින් 500 දෙනෙකු සඳහා ව්‍යාපාර ආරම්භ කිරීම හා වැඩිදියුණු කිරීම පිළිබඳ පුහුණු වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සිදුවේ.  ඒ තුළින් එම ප්‍රජාවගේ ව්‍යවසායකත්ව හැකියාවන් ඉහළ නැංවීම, ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම  හා සමෘද්ධි වැඩසටහන තුළ සිටින ප්‍රතිලාභීන් ව්‍යසායකයින් ලෙස ගොඩනැංවීම සහ දැනට ගොඩනැංවී ඇති සුළු පරිමාන ව්‍යාපාර වැඩිදියුණු කිරීමට අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප සංවර්ධනය කිරීම තුළින් රජය ක්‍රියාත්මක කරන ජාතික ප්‍රතිපත්තිය වන රට හදන සෞභාග්‍යයේ දැක්ම වැඩසටහනට සෘජුවම දායක වීම තුළින් ජාතික ආදායම ඉහළ නැංවීමට අප ආයතනය සැළසුම් කරමින් පවතී.

6 7  71

කුලියාපිටිය නැගෙනහිර ඉහල මුරුතැංගෙය වසමේ වළං කර්මාන්තයේ යෙදෙන ව්‍යවසායිකාවක්.