වර්ෂ 2021 දී“සුන්දර ගම්මාන”සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ප්‍රජාවගේ සමාජ, ආර්ථික හා පාරිසරික යහපැවත්ම සාධනය වූ සමෘද්ධිමත් දේශයක් ගොඩනැංවීමේ පරමාර්ථයෙන් සමෘද්ධි නිෂ්පාදන ගම්මාන වැඩසටහන “සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන හා රාජ්‍ය අමාත්‍යාංශය” මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙහිදී නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා අපනයන විෂයෙහි ආයෝජන පුළුල් කිරීම හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම තුළින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ. මෙම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් පසුගිය වසර 03 තුළ ප්‍රජාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම, අපනයන නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම හා දේශීය පරිභෝජන අවශ්‍යතා ඉටුකිරීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක සමෘද්ධි නිෂ්පාදන ගම්මාන හා සෞභාග්‍යා පොකුරු ගම්මාන වැඩසටහන ප්‍රජාවගේ ජීවන තත්ත්වය කෙරෙහි සිදුකරන ලද බලපෑම අධය්‍යනය කිරීම තුළින් එකී ගම්මානවල පවතින සංවර්ධන ක්‍රියාවලිය තව දුරටත් ශක්තිමත් කිරිමට හැකියාව ඇත.

ඒ අනුව නිෂ්පාදන ගම්මානවල ප්‍රජාවගේ ජීවන තත්ත්වය කෙරෙහි සිදු වී ඇති බලපෑම පිලිබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීමේ විභවතාවයක් ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයට පවතින අතර මෙම ගම්මානවල සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමටද හැකියාව ඇත. එබැවින් සමෘද්ධි නිෂ්පාදන ගම්මාන හා සෞභාග්‍යා නිෂ්පාදන පොකුරු ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක වූ ගම්මාන 200 අතරින් මහනුවර, කුරුණෑගල ,කෑගල්ල, මාතලේ, කොළඹ, , ගම්පහ හා කළුතර යන දිස්ත්‍රික්කවලින් හඳුනාගත් ගම්මාන 50 ක් අධ්‍යයනය කරමින් එම ගම්මාන ආශ්‍රිතව සිදුවී ඇති සමාජ ආර්ථික වෙනස්වීම හඳුනා ගැනීම හා සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට දායක වෙමින් ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය ඉදිරිපත් වී ඇත.

8 9

අධ්‍යයනයට ලක්වූ පොළොන්නරුව යටිවැල්පතාන මල් ගම්මානය