2021 වසරේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීම උදෙසා දිළිදුකම තුරන් කිරීමේ අභියෝගය ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයටද පැවරී ඇත. ඒ සඳහා Covid-19 වසංගතය මධ්‍යයේ වුවද ආයතන නිළධාරින් දිළිදු ප්‍රජාව වෙනුවෙන් එම අභියෝගය ජය ගැනීමට ඉදිරිපත්ව සිටී. ඒ අනුව 2021 වසරේදී දිළිදුකම අවම කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් ක්‍රියාකාරි සැලැස්ම මේ වන විට අධ්‍යක්ෂ ටී.ඒ රණසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ සකස් කර ත ලදී.

එම ක්‍රියාකාරි සැළැස්ම සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2021.01.08 දින පාවති සාකච්ඡාවක් මගින් අවසාක ක්‍රියාකාරි සැලැස්ම සකස් විය. මෙම අවස්ථාවට ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ටී.ඒ රණසිංහ මහතා සහ කාර්ය මණ්ඩලය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජී.ඩී.ඩී කුමාර මහතා සහ සහකාර අධ්‍යක්ෂ මිලන්ති මෙනවියද සහභාගි විය.

 

4 5

අතිරේක ලේකම් හේමා පෙරේරා මහත්මිය ක්‍රියාකාරි සැළැස්ම සැකසීමට උපදෙස් ලබා දෙමින්.