researchග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය 1974 ස්ථාපනය කරන ලද අතර ඒ වන විට ආයතනය ග්‍රාසංවර්ධන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා මැදිහත්විම සිදුකරනු ලැබුවේ පුහුණු වැඩසටහන් තුළින් පමණි. සාම්ප්‍රදායික ග්‍රාමසංවර්ධනය තුළ භෞතික සංවර්ධනයට ප්‍රමුඛතාව ලබාදුන් ප්‍රවේශයක් ඔස්සේ ග්‍රාමසංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ගැටලු මතුවිය. ඒ අනුව 1978 වර්ෂයේදී සහභාගිත්ව සංවර්ධන සංකල්පය ප්‍රායෝගීකරණය කිරීමේ කාර්යබද්ධ පුහුණු පර්යේෂණ වැඩසටහනක් ලෙස විපර්යකාරක වැඩස‍ටහන ආරම්භ කිරීමේ ක්‍රමෝපායික උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස පර්යේෂණ හා සංවර්ධන අංශය ආරම්භ කරන ලදි. ඒ තුළින් නව සංවර්ධන ප්‍රවේශයක් ලෙස සහභාගිත්ව සංවර්ධන සංකල්පය අත්හදා බැලීමේ නියාමන කටයුතු පර්යේෂණ අංශයේ විෂය පථයට ඇතුලත් කරන ලදි. ඒ අනුව 1978 වර්ෂයේ සිට 1998 වර්ෂය දක්වා විපර්යකාරක වැඩසටහනේ මෙහෙයුම් කටයුතුවල ප්‍රධාන වගකීම බවට පත් විය. 1998 වර්ෂයේදී ව්‍යාපෘති කාලය නිමවීමත් සමග විපර්යකාරක වැඩසටහන ක්‍රියාත්මක වූ කාර්යස්ථාන 64 ස්වාධීන හා ආයතනගත කිරීමේ තීරණයත් සමග ප්‍රජාශක්ති සංවිධාන ජාලය ගොඩනැගුණි. එම සංවිධාන ජාලය මඟ ගැන්වීමේ උපදේශකත්වය ලබාදිම පර්යේෂණ අංශයේ කාර්යයභාරය විය.

දිළිදු පවුල් ඉලක්ක කරගත් සංවර්ධන ප්‍රවේශයක් ලෙස සහභාගිත්ව සංවර්ධනය ක්‍රමවේදය පර්යේෂණ අංශය තුලින් කාර්යබද්ධ වැඩසටහනක් ලෙස ගොඩනගන ලදි. එමෙන්ම 2000 වර්ෂයේදී කැනේඩියානු ජාත්‍යන්තර සංවර්ධන ආයතනය හා එක්ව ස්ත්‍රී පුරුෂ සමාජභාව සංකල්පය සංවර්ධන වැඩසටහන් සදහා අන්තර්ග්‍රහණය කිරීමේ ජාතික මට්ටමින් පුහුණු හා පර්යේෂණ කටයුතු සදහා මැදිහත් විය. අවුරුදු 40 කට ආසන්න කාලයක් තුළ ග්‍රාමසංවර්ධනය හා දිළිදුකම පිටුදැකීම පිළිබද පුළුල් ක්ෂේත්‍රයන් ඔස්සේ කාර්යබද්ධ පර්යේෂණ, සමාජීය පර්යේෂණ, සමීක්ෂණ හා සිද්ධි අධ්‍යයන ආදි පර්යේෂණ කාර්යයන්වලද, අත්දැකීම් හුවමාරු වැඩමුළු හා විවෘත සංවාද වැනි නව දැනුම බෙදා හැරීමේ කාර්යයන්ද, පර්යේෂණ වාර්තා එළිදැක්වීම හා සත්‍යා පුවත්පත එළිදැක්වීම ආදී කාර්යයන්ද පර්යේසණ අංශය මගින් සිදුකල මුලික කර්යයන් අතර විය.

2020 ක්‍රියාත්මක පර්යේෂණ වැඩසටහන්

පර්යේෂණ වැඩසටහන අරමුණ
ග්‍දිළිඳු ප්‍රජාව  සවිබලගැන්වීමේ කාර්ය බද්ධ පර්යේෂණය සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබලගැන්වීම තුළින් තිරසර සංවර්ධනයට දායක කර ගැනීම. (උකුවෙල දොඹගස්ආර ගම්මානය ඇසුරින්)
සමෘද්ධි බැකු මගින් ලබාදෙන ක්ෂුද්‍ර මුල්‍ය සේවා පහසුකම්වල ප්‍රමාණාත්මක හා ගුණාත්මක බව පිළිබද ප්‍රතිලාභීන්ගේ අදහස් පිළිබඳ සමීක්ෂණය සමෘද්ධි  ප්‍රජාමූල බැංකුව මඟින් සිය සේවා ලාභීන් වෙත සපයනු ලබන සේවා පහසුකම් නිෂ්පාදන (කලඹ) තුළ දැනට නිර්මාණය වී ඇති ගැටළු හා සීමාවන් ජය ගනිමින් එහි මූල්‍ය හා සමාජ කාර්යය සාධනය දියුණු කළ හැකි ඵලදායි උපක්‍රමයන් සහ මූල්‍ය උපකරණ පිළිබඳව සොයා බැලීම.
ග්‍රාමීය සංවර්ධනය හා  දරිද්‍රතාවය පිටුදැකීමේ ක්‍රමවේදයක් ලෙස විශ්වවිද්‍යාල සිසුන් සඳහා ග්‍රාමීය සැලසුම්කරණය සහ සහභාගීත්ව සංවර්ධනය  භාවිතා කිරීම පිළිබඳ පුහුණු වැඩසටහන් විශ්වවිද්‍යාල සිසුන් තුළ සහභාගීත්ව සැළසුම්කරණ ක්‍රමශිල්ප පිළිබඳ දැනුම , කුසලතාව හා ආකල්ප සංවර්ධනය තුළින් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන්වල ඵලදායිතාව ඉහළ නැංවීම හා ග්‍රාමීය දිළිඳුබව අවම කිරීමේ  ක්‍රමවේදයක් සකස් කිරිම.

Action research program to identify the socio-economic impact of the Samurdhi Production Model Villages and Prosperity Production Cluster Villages and to strengthen the development process.


Ministry of Samurdhi, Home Economics, Microfinance, Self-Employment and Business Development, Ministry of Prosperity Production Village Programs with the objective of building a prosperous country that achieves the social, economic and environmental well-being of the community by making the concept of “Beautiful Villages” a reality by 2021. Will be done. It is expected to strengthen the national economy by expanding investment in the export sector and strengthening small and medium scale entrepreneurs to build a productive economy. Impact of the Samurdhi Development Villages and Prosperous Cluster Villages Achieved by the Department of Samurdhi Development and the Ministry of Agriculture implemented under this Ministry during the last 03 years with the objective of improving the living standards of the community, promoting export products and meeting the local consumption needs. Study has the potential to further strengthen the existing development process in those villages.

View more >>

Accordingly, the Rural Development Training and Research Institute has the potential to study in depth the impact on the living standards of the community in the manufacturing villages and has the potential to further strengthen the development process in these villages.Therefore, out of the 200 villages where the Samurdhi Production Villages and Prosperity Production Cluster Programs were implemented, 50 villages identified in the districts of Kandy, Kurunegala, Kegalle, Matale, Colombo, Gampaha and Kalutara were studied and the socio-economic change that has taken place in those villages and the development process. The Institute of Rural Development Training and Research has come forward to improve the living standards of the community by contributing to strengthening.