දිළිදුකම පිටුදැකීම හා සමාජ සවිබලගැන්වීම ඉලක්ක වූ සංවර්ධන ක්‍රයාදාමයන්වල ප්‍රජා සහභාගිත්වය උපරිම කිරීම සඳහා එම වැඩසටහන් හා සම්බන්ධව කටයුතු කරන ක්ෂේත්‍ර නිළධාරින් පුහුණුකරුවන් ලෙස ගොඩනැගීම අත්‍යාවශ්‍ය වේ. ප්‍රජාවගේ සංවර්ධන කාර්යයන් සමග සම්බන්ධවන ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමේ ක්ෂේත්‍ර නිළධාරින්ගේ සේවාව ප්‍රජාව වෙත ප්‍රවේශ කරලීමට අවශ්‍ය දැනුවත්භාවය ලබා දීම කාලීන අවශ්‍යතාවයක් වී ඇත. එම කාලීන අවශ්‍යතාවය ඉටුකරලනු වස් දිළිදුකම පිටු දැකීම හා සමාජ සවිබල ගැන්වීම සදහා වන සංවර්ධන කාර්යයන් හා බැදි පුහුණුලාභින් හදුනාගෙන පහත සදහන් පුහුණු වැඩසටහන් ලබා දීමේ කටයුතු 2021වසර සඳහා  ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය සැළසුම් කරමින් පවතී.

  • සමාජ සජීවිකරණය
  • සහභාගිත්ව නායකත්ව කුසලතා හා සංවර්ධනය
  • ගෟහ කළමණාකරණය හා පවුල් සංවර්ධන
  • සමාජ සජීවිකරණය තුළින් ව්‍යසායකත්ව සංවර්ධනය
  • ප්‍රජා සහභාගිත්ව ව්‍යාපෟති සැළසුම්කරණය හා කළමණාකරණය

10