විපර්යකාරක වැඩසටහන

දිළිදුකම පිටුදැකිම සඳහා භාවිතා කරන්නට යෙදුන විපර්යකාරක වැඩසටහන සහභාගිත්ව සංවර්ධන ක්ෂේත්‍රයේ විශාල විපර්යාසයක් ඇති කිරිමට සමත් වු වැඩසටහනකි. ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය තුල ලංකාවේ එහි මුලරම්භය සටහන් වේ. මෙය විශේෂයෙන්ම දිළිදුප්‍රජාව දැනුවත් කිරිමේ ක්‍රියාවලියක් තුලින් සවිබල ගැන්විය සඳහා වු සමාජ සජිවිකරණ උපාය මාර්ගයක් ලෙස සලකනු ලබයි. අංශ 4ක් ඔස්සේ සංවර්ධන පතිපත්ති සම්පාදකයින්, සංවර්ධනවේදින් විසින් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවර්ධන වැඩසටහන් සඳහා මෙහි සංකල්ප හා ක්‍රමවේදයන් යොදා ගන්නා ලදි. මේ පිළිබද විස්තරාත්මක විශ්ලේෂණයක් මෙම ලිපිය පරිශිලනය තුළින් ලබා ගතහැක.

විපර්යකාරක වැඩසටහනේ ආරම්භය, විකාශනය හා වර්තමාන තත්වය
[PDF - 155 KB]

ජනසවිය වැඩසටහන

This section is under construction

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ වැඩසටහන

ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය ශ්‍රී ලංකාවේ ග්‍රාමසංවර්ධනය උදෙසා ක්‍රියාත්මක වන ජාතික ආයතනයයි. එමගින් ග්‍රාම සංවර්ධන ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන් උදෙසා පුහුණු වැඩසටහන් ගණනාවක් නිර්මාණය කොට ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව සමාජයේ අඩු වාසි සහගත ප්‍රජාවක් ලෙස කාන්තාවන් සවිබල ගැන්විම පදනම් කර ගනිමින් වැඩසටහනක් ක්‍රියාවට නැංවිමේ අවශ්‍යතාවක් විය. ඒ පිළිබඳව වඩාත් විමසිලිමත් වීමේදී සංවර්ධනය හා ගලපාලිය යුතු වැදගත් අංගයක් වන ස්ත්‍රී පුරුෂ සමාජභාවය නැමති සංකල්පය ආයතනය මගින් නිර්මාණය කරන ලද පුහුණු වැඩසටහන් වලට අත්‍යාවශයෙන්ම ඇතුලත්කල යුත්තක් බවට හඳුනා ගන්නා ලදී.

ඒ අනුව කැනේඩියානු සංවර්ධන ආයතනයේ මගපෙන්වීම හා ආධාර යටතේ එකී සංකල්පය ඇතුලත් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට විධි විධාන යොදන ලදී. එහිදී ආයතනය මගින් ක්‍රියාත්මක කරන ග්‍රාම සංවර්ධන හා දිළිඳුකම පිටුදැකීමේ පුහුණු වැඩසටහන් සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය නැමති සංකල්පය අන්තර්ගත කිරීමට පුහුණු වැඩසටහන් සැළසුම් කරන ලදී. මෙය අදියර දෙකක් මඟින් ක්‍රියාත්මක විය. එහි මූලික අරමුණ වූයේ ,

  • ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ සියලු පුහුණූ හා පර්යේෂණ නිලධාරීන් සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන විෂය පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබා දීම තුළින් මෙම විෂය පිළිබඳව මූලික පුහුණු නිලධාරීන් පිරිසක් බිහිකර ගැනීම
  • ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ පුහුණු වැඩසටහන් සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විෂය අන්තර්ගත කිරීම
  • දිළිඳුකම පිටුදැකීම උදෙසා ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් වලදී ස්ත්‍රිය මෙන්ම පුරුෂයාගේද සමදායකත්වය ලබා ගැනීම සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන විෂයෙහි වැදගත්කම අවධාරණය වී තිබීම

මෙම වැඩසටහනෙහි අවසාන අරමුණ වූයේ ආයතනයේ පුහුණු නිලධාරීන් මගින් 3000ක ඉලක්ක පිරිසකට වසර දෙකක කාලයක් තුළදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන සංකල්පය ආවරණය වන පරිදි පුහුණුව ලබා දීමයි. සමෘද්ධි කළමණාකරුවන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, දිස්ත්‍රික් සමෘද්ධි සහකාර කොමසාරිස්වරුන් සහ සැළසුම් සහකාර අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත පුහුණුලාභින් පිරිසක් මෙහිදි ඉලක්ක පිරිස විය.

කුඩා තේවතු වැඩසටහන

This section is under construction

සමෘද්ධි වැඩසටහන

This section is under construction

පළාත් ග්‍රාමසංවර්ධන වැඩසටහන

ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය පළාත් ග්‍රාමසංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. 2007 වසරේ පළාත් ග්‍රාමසංවර්ධන වැඩසටහන ක්‍රියාවට නැංවීමේ ඇති ශක්‍යතාවය පිළිබඳ සිදුකළ වැඩමුළුවකින් පසුව මතු වූ කරුණු පදනම් කර ගනීමින් වැඩසටහන ආරම්භ වීය. ග්‍රාමීය ජනතාවගේ දිළිඳුබව තුරන් කිරීම ඇතුලු විවිධ ගැටළු විසඳීමේ ක්‍රමෝපායක් ලෙස සහභාගීත්ව සංවර්ධන ගලපා ගැනීමට අවශ්‍ය දැනුම, ආකල්පය හා කුසලතාවය ඔවුන් තුළ ඇති කිරීමේ අදියරගත පුහුණුවක් ලෙස මෙය ආරම්භ කරන ලදි. පළාත් 07 ක් තුළ වැඩසටහන ආරම්භයේදී මූලික කටයුතු සිදු කළද පසුකාලීනව දකුණු හා බස්නාහිර පළාත් තුළ පමණක් වැඩසටහන සාර්ථක ලෙස ක්‍රියාවට නංවන ලදි.

මෙකී වැඩසටහන බස්නාහිර පළාත තුළ "ග්‍රාම ශක්ති" වැඩසටහන ලෙස නම් කරන ලදි. බස්නාහිර පළාත් ග්‍රාමසංවර්ධන නිලධාරීන් සඳහා ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ බොරැල්ල හා පිළිමතලාව මධ්‍යස්ථානවලදී පුහුණු වැඩසටහන් කිහිපයක් පවත්වන ලදි. ඒ අනුව තම සේවා කටයුතු වලදී නිරත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලදි. ඒ අනුව කටාන, ගම්පහ, අත්තනගල්ල, මහරගම, කිරැළපන, පාදුක්ක, සීතාවක, රත්මලාන, මොරටුව, බේරුවල. දොඩන්ගාඩ. යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල තෝරා ගත් ගම්මානවල ග්‍රාමීය මැදිහත්කරුවන් ගොඩනගා ගනිමින් වැඩසටහන ක්‍රියාවට නංවන ලදි. කුඩා කණ්ඩායම් ආරම්භ කිරීම, සාමූහික ක්‍රියාකාරකම් ආරම්භ කිරීම, කණ්ඩායම් පොදු අරමුදලක් ගොඩ නැංවීම, සහන ණය වැඩසටහන් ඇති කිරීම, පාරිභෝගික වැඩසටහන් ඇති කිරීම, ස්වයං රැකියා පුහුණුව හා ස්වයං රැකියා ඇති කිරීම, ඒකාබද්ධ සංවිධානයන් ගොඩ නැංවීම, ගෙවතු වගා වැඩසටහන් යනාදිය මෙමඟින් ක්‍රියාත්මක කරන්නට යෙදුනු වැඩසටහන් කිහිපයකි.

විදාතා වැඩසටහන

තාක්ෂන හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ පවතින විදාතා සම්පත් මධ්‍යස්ථාන මඟින් ක්‍රියාත්මක ගමට තාක්ෂණය වැඩසටහන යටතේ කුඩා පරිමාන ව්‍යවසායකයින්ට අවශ්‍ය පුහුණුව හා සේවා පහසුකම් වැඩසටහන වඩා ශක්තිමත් ප්‍රජා මුලිකවැඩසටහනක් බවට පත් කිරිම සඳහා ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය හා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය එක්ව පුළුල් වැඩ පිළිවෙලක් සකස් කරන ලදි. ඒ අනුව තාක්ෂණ හා පර්යේෂණ නිළධාරින් හා ක්ෂේත්‍ර නිළධාරින් තුළ සහභාගිත්ව සංවර්ධණ ක්‍රමවේදය පිළිබද දැනුම.ආකල්ප හා කුසලතා වර්ධනය කිරිම තුළින් ප්‍රජාමුලික සංවර්ධන වැඩ පිළිවෙලකට යොමුගත කිරිම මෙම වැඩසටහනේ මුලික අරම්ණ විය.

මෙම වැඩසටහන නියමු වැඩසටහනක් ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව තාක්ෂණ හා පර්යේෂණ නිළධාරින්ගේ සහභාගිත්වයෙන් ක්ෂේත්‍රයේ පවතින තත්ත්වය හඳුනා ගැනිම, ප්‍රජා පාදක වැඩසටහනක් ලෙස ඊට සම්බන්ධවිය යුතුආකාරය හා එහිදි මතුවන ගැටලු හඳුනා ගැනිම, විදාතා මධ්‍යස්ථානවල සේවාවන් ග්‍රාමිය ප්‍රජාව දක්වා ගලායාමට සුසුදු වැඩපිළිවෙලක් හඳුනාගැනිම යන කරුණු මෙහි අන්තර්ගත අරමුණු අතරවිය. ඒ අනුව පළමු නියමු වැඩසටහන ලෙස රත්නපුර දිස්ත්‍රික්කය තුළ මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාවට නංවන ලදි.