ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයට අදාළව පුහුණුකරුවන් පුහුණු කිරීමේ (TOT) පුහුණු වැඩසටහන ( ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂවරුන් සදහා) - අංක 02
2026.08.12 වන දින ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය- පිළිමතලාව පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්විම් ගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ග්‍රාමීය සංවර්ධන) එච්.එම්.එම්.යු.බී. හේරත් මහතාගේ මූලිකත්වයෙන් පැවති මෙම පුහුණුව සඳහා, පිළිමතලාව පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්.කේ.එන්.එන්.කෞශල්‍යා මහත්මිය, බොරැල්ල ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) එච්.එම්.එම්.රුවයිත් මහතා සම්බන්ධ විය. ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයට අඳාල ප්‍රජා සංවර්ධන සභාවල සභාපති, ලේකම් හා උපාය මාර්ගික කමිටු සාමාජියෙකු තෝරාගෙන ප්‍රජා ගැටලු හඳුනා ගැනීමේ ක්‍රම, ග්‍රාමසංවර්ධන සැලසුම් සකස් කිරීම හා යාවත්කාලීන කිරීම, ආර්ථික ක්‍රියාවලිය සඳහා ප්‍රජා සහභාගිත්වය යන මාතෘකා ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පුහුණු කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීම මෙහිදී සිදු වූ අතර පුහුණු කරුවන් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)යන නිලධාරින් තෝරාගෙන ගන්නා ලදී. මෙදින පුහුණුව සඳහා මොනරාගල, අම්පාර, කුරුණෑගල, අනුරාධපුර, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල යන දිස්තික්කයන්හි නිලධාරින් 115 දෙනෙකු සහභාගි විය.මෙහි ප්‍රධාන සම්පත් දායකත්වය ජපානයේ අන්තර්ජාතික විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එන්.එස්. කුරේ මහතා විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාවට සහභාගි වූ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මේනක හේරත් මහතා විසින් සහභාගි වූ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමේදී මුහුණපාන ප්‍රශ්න ගැටලුවලට විසඳුම් ලබා දෙන ලදී.