පුවත් සහ සිදුවීම්
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 34/ 2025 ට අනුව 2026 වසරේ වැඩ ඇරඹීම බොරැල්ල ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ තිලිණි සුරංගිකා කරස්නාගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026.01.01 දින සිදු විය. මෙහිදි ආයතන පරිශ්‍රය තුල ජාතික ධජය එසවීම , රාජ්‍ය ප්‍රතිඥාව කියවීම, කිරි ඉතිරවීම යන කටයුතුවලින් පසු නව වසරේ රාජකාරි ආරම්භ කෙරිණි.

ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය ආරම්භ කරන ලද්දේ 1974 මාර්තු 08 වන දිනයි. ආයතනයට වසර 50 සම්පූර්ණ වීම නිමිත්තෙන් 2024.03.08 දින ආයතනයේ අධ්‍යක්ෂතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය එම දිනය සමරමින් ආයතනයට කෘතගුණ සැලකූ මොහොත...........

මාර්තු 8 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය සංවිධානය කරන ලද ලියශක්ති කාන්තා ව්‍යවසායක ප්‍රදර්ශනය දියත උයනේදී පැවැත්විණ. මෙහිදී කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ වන ආයතන සඳහා වෙන්කළ කුටියෙහි ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතන නිලධාරින් ආයතනයේ සේවාවන් පිළිබඳ සේවා ලාභීන් දැනුවත් කරන අවස්ථාවක්...........

වැඩසටහන්:
- ධර්ම දේශනා හා භාවනා වැඩසටහන්
- පරිසර සංරක්ෂණය උදෙසා රුක් රෝපණ වැඩසටහන්
- පරිසර සංරක්ෂණය හා යහපත් සෞඛ්‍ය පුරුදු තේමා කරගනිමින් ශ්‍රමදාන වැඩසටහන්
- දන්සැලක් පැවැත්වීම
- ආයතන පරිශ්‍රයන් වෙසක් කූඩු, බල්බ්, කොඩි ආදියෙන් අලංකාර කිරීම

තවත් පින්තූර සඳහා මෙහි ක්ලික් කරන්න >>


